කොතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට කිසිසේත් පසුබට නොවන බව ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී හෙතෙම එසේ සඳහන් කළේය.
මෙරට වැව් රක්‍ෂිත 23 ක සීමා සලකුණු කිරීමට රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කළේ ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා බවත් ඒ සඳහා පළමු පියවර ලෙස නුවර වැවේ රක්‍ෂිතයේ සීමාවල වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සලකුණු සටහන් කළ බවත් ඇමැතිවරයා පැවැසීය.
ඒ අනුව අනුරාධපුර වැව, නුවර වැව, කන්තලේ පුත්තලම වැව ඇතුළු වැව් 23 ක රක්‍ෂිත මායිම් ලකුණු කර ඇති නිසා අනුරාධපුර වැව සහ නුවර වැව රක්‍ෂිතයෙන් මෙම ක්‍රියාන්විතය ආරම්භ කර වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.
අපි ඩඩ්ලිට බය නෑ!! මොන බාධක ආවත් වැව් රක්‍ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කරනවා – ඇමැති ලාල්කාන්ත
