කෙහෙළිය පවුලටම අධි චෝදනා භාරදෙයි !

කෙහෙළිය පවුලටම අධි චෝදනා භාරදෙයි !

නීති විරෝධීව වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ බිරිඳ. දියණියන් දෙදෙනා සහ බෑනාට අද (17) කොළඹ මහා අධිකරණය විසින් අධි චෝදනා ගොනුකර ඔවුන් ඇපමත මුදාහැර ඇත.

රුපියල් මිලියන 79 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාරදීම සිදුවිය.

අධි චෝදනා භාරදීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හරින ලෙස නියෝග කළ විනිසුරුවරිය, විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනමක් සහ ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දෙන ලෙස ද නියෝග කළාය

Search