වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර පැවසූ මහා පරිමාණ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.
දැන් අත්අඩංගුවට ගනිමින් ඉන්නේ බඩ ඉරිගු ඇට බෙදීම, කැරම් බෝඩ් බෙදීම, වැනි සිල්ලර චෝදනා වලට පමණක් බවද හෙතෙම කියා සිටියි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
“දෙසිය විසිපහේ හොරකම නතර කළාම මේ රටේ ප්‍රශ්නවලින් සියයට පනහක් විසඳෙනවා කියලා පට්ටපල් බොරු කියූ ජනතා විමුක්ති පෙරමුණට මාස අටක් අවුරුද්දක් කිට්ටු වෙන්නත් ඇවිල්ලා මිනිසුන්ට දැනෙන වෙනසක් කරන්න බැරි වෙලා.
හැබැයි ඒ කිවුව මහා පරිමාණ හොරකම් නතර වෙලා නම්, මහා පරිමාණ හොරකම් ටිකට දඬුවම් ලබනවා නම් මිනිසුන්ටත් අපටත් ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
නමුත් අපි දකින්නේ බඩඉරිඟු ඇට බෙදලා, කැරම්බෝඩ් බෙදලා, කැබිනට් තීරණයක් නැතිව මොනවා හරි කරලා වගේ සිල්ලර වැරදිවලින් අත්අඩංගුවට ගැනීම් පමණයි.
ආර්ථිකයට දැවැන්ත හානියක් වුණා කියලා කියූ දැවැන්ත හොරකම් සම්බන්ධයෙන් සිදු වන අත්අඩංගුවට ගැනීම්, යළි ඒ මුදල් පවරා ගැනීම් තවම අපට දකින්න ලැබුණේ නෑ. එනිසා මේක වඩාත් ඵලදායී වෙන්නේ ඒ වර්ගයේ දඬුවම්වලින් කියලයි මම විශ්වාස කරන්නෙ. සිල්ලර අත්අඩංගුවට ගැනීම් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවත් කළ යුතුයි. හැබැයි ප්රශ්නය මීට වඩා විශාලයි කියලා තමයි මේ අය කිවුවේ”
දැන් අල්ලන්නේ බඩඉරිඟු ඇට, කැරම් බෝඩ් බෙදපු හොරු විතරයි.... ඉන්නවයි කියපු බිලියන ගණන් හොරා කාපු හොරු කෝ ප්‍රසාද් සිරිවර්ධන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
