ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රී අලිබේබිට මරණ දඬුවම

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රී අලිබේබිට මරණ දඬුවම

පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැලිගෙපොළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි නමැත්තාට ඇඹිලිපිටිය මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇත.

2012 වර්ෂයේදී ගොඩකවෙල පොලිස් වසමේ හටන්ගල ගොඩකවෙල ලිපිනයේ පදිංචිව සිටි අමිල ප්‍රදීප් පුෂ්ප කුමාර මාරගහවත්ත නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතිණි. වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි (46) යන අයට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණි.

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස්. රාගල මහතා විසින් ඊයේ (16 දා) මෙම නඩුවේ තීන්දුව ලබාදුන් අතර ඒ අනුව හිටපු මන්ත්‍රීවරයාට මරණ දඬුවම නියම කරන ලදී. මරණ දඬුවම හිමි වූ අලි බේබි නොහොත් වසන්ත මෙවර 2025 පළාත් පාලන මැතිවරණයේදී සර්ව ජනබලය පක්ෂයෙන් වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවට රන්වල කොට්ඨාසයෙන් තරග කළේය.

Search