අලි ඛේදවාචකයට සජිත්ගෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක්

අලි ඛේදවාචකයට සජිත්ගෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක්
අලි – මිනිස් ගැටුම මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්ය සාධන බළකායක් ඇති කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට දන්වා සිටියි.

විපක්ෂනායක මේ බව කියා සිටියේ,භාතිය ඇතා මිය යෑමට පසුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, රටේ ඉඩම් පරිහරණ සැලසුමක් අවශ්‍ය බවත් වනජීවී හා වන සංරක්ෂණ කලාප හදුනා ගෙන රටේ භෞතික සැලසුම හරිත කේන්ද්‍රීය විය යුතු බවත් ය.

අලි මිනිස් ගැටුම නිසා අහිමි වන ජීවිතවලට සාධාරණයක් ඉටු විය යුතු බවත් මැරෙන අලි ඇතුන් ප්‍රමාණය රැකගන්නට නිශ්චිත කාර්යක්ෂම වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

එසේ ම, වගා හානි, දේපොළ හානිවලට සොච්චම් වන්දි ලබා දී තාවකාලික විසදුම් ලබා දෙන පැලැස්තර ක්‍රියාදාම නොවිය යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ය

Search