පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන ජූලි 09 දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මෙතෙක් අනාවරණය නොවූ අලුත් කරුණු රැසක් විවාදයට එක් වූ මන්ත්‍රීවරුන් විසින් හෙළිදරව් කරනු ලැබීය.
එහිදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර රහුමාන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීන් ඇතුළු පිරිසේ පවුල්වල සාමාජිකයින් 14 දෙනෙකු සහින්දමරුදු නිවසේ බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් වූ බව ප්‍රකාශ කළත්, සහරාන් සහෝදරයකු වන ශයිනි නැමත්තා එම බෝම්බ පිපිරීමෙන් මරණයට පත්වී නැති බවයි. සහරාන් හෂින්ගේ බිරිඳ වන හාදියා ජනාධිපති කොමිෂමේ ලබා දී ඇති සාක්කි අනුව සයින්දමරුදු නිවසේ බෝම්බ පිරීමෙන් පසු ඇයට සිහිය අ අවස්ථාවේදී ඇය වැටී සිටි ස්ථානය අසල වූ ජනේලයෙන් පිටත සිට නෑනා නෑනා එළියට එන්න යයි කියමින් සහරාන් සහෝදරයා වන ශයිනි කතා කර ඇති බවත් ඉන්පසුව පිටත වෙඩිශබ්දයක් ඇසුබවත් හාදියා සිය සාක්ෂි මගින් කියා ඇතැයි රවුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයේදී කීවේය.
එමෙන්ම හාදියාට දෙමළ භාෂාවෙන් කවුරුන් හෝ කතා කරන බවක් ඇසි ඇති බවත් ඒ සයින්දමරුදු බෝම්බ පිපිරිමින් මරණයට පත්වී ඇති බව මෙතෙක් හඳුනාගෙන නැති සහරා ජස්මින් බවත් ඉන්පසු ලේ පෙරමින් සිටි සහරා ජස්මින්ම යම් පිරිසක් රැගෙන යන දුටු බවත් හාදියා කියා ඇතැයි රහුමාන් මන්ත්‍රීවරයා විවාදයේදී කීවේය.
එසේ සහරා ජස්මින්ම රැගෙන ගියේ මේජර් සුභසිංහ බවත් ඒ ගැන ඔහුගෙන් අසන ලෙසත් එවකට නැගෙනහිර පළාත භාර යුද හමුදා අන දෙන නිලධාරියා ලෙස සිටියේ වත්මන් ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර බවත් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය..
එමෙන්ම සාරා ජිස්මින් මිය ගියේ නැති බවත් මියගිය බවට කියා ඇති සාරා නමින් 2020.04.01 දින මොබිටෙල් සිම් කාඩ් පතක් ලබාගෙන ඇති බවත් කිව් මන්ත්‍රීවරයා ඊට අදාළ වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය
පාස්කු ඉරිදා ප්‍රහාරයේ අලුත් කරුණු හෙළි වේ.... සාරා ගෙන ගොස් ඇත්තේ හමුදා මේජර්වරයෙක්
