රට වෙනුවෙන් හොඳම ගිවිසුම ලබා ගන්න... විපක්ෂයේ අපිත් සහයෝගය දෙනවා - ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැන කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

රට වෙනුවෙන් හොඳම ගිවිසුම ලබා ගන්න... විපක්ෂයේ අපිත් සහයෝගය දෙනවා - ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැන කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

අප රටේ අපනයනවලින් 26.4%ක් යන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බවත් ඇගලුම් ක්ෂේත්‍රයේ ද 60%ක ගමනාන්තයක් ඇමෙරිකාව වන නමුත් මෙම බදු පැනවීමත් එය 44% සිට 30% දක්වා අඩු වීම හොඳ වුවත් අප සමග අපනයන තරගකාරිත්වය ඇති රටවල් සමඟ සාපේක්ෂාව ලැබූ බදු සහන ගැනත් සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජපානය 25%ක්, මෝල්ඩෝව 25%ක් බෘනයි 25%ක් ද.කොරියාව සහ කසකස්ථාන් ද 25%ක්, ඉන්දියාව 26%ක් දක්වා අඩු කර ගෙන ඇති බවත් අප රට ඉන්දියව බංග්ලාදේශය වැනි රටවල් සමඟ සංසන්දනය කළ යුතු බවත් ඉදිරි සති 3 තුළ අති විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් සෘජුව ධවල මන්දිරය සමග සබඳතා ඇති කර ගෙන මේ බදු සහන තවත් ලබා ගත යුතු බවත් රටට හොදම ගිවිසුම ලබා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සමගි ජන බලවේගය සහයෝගය දෙන බවත් මේ බදු නිසා රටට වන හානිය නැති කර ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

https://youtu.be/MAxWWURKK1I?si=wlxlsMcXA8YLQ9lx

Search