කෘෂි ව්‍යාපෘතියේ කෝටි පහළොවක් හිටපු ඇමතිලා බෙදාගෙන.... ණය පොලු ලැයිස්තුවෙ ඉන්න පිරිසක් කැබිනෙට්ටුවටත් වාර්තාවක් යවයි

 කෘෂි ව්‍යාපෘතියේ කෝටි පහළොවක් හිටපු ඇමතිලා බෙදාගෙන.... ණය පොලු ලැයිස්තුවෙ ඉන්න පිරිසක් කැබිනෙට්ටුවටත් වාර්තාවක් යවයි

කෘෂිකර්ම අමාත්‍යංශය නවීකරණ ව්‍යාපෘතියට ලැබුණු මුදල් හිටපු ඇමතිවරුන් පිරිසක් හිතු හිතු පරිදි බෙදාගැනීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඩොලර් ලක්ෂ පහක් හෙවත් කෝටි 15ක් පමණ අපතේ ගොස් ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාත්ම ප්‍රකාශ කළේය...

 මේ ඇමතිවරුන් දැන් සිටින්නේ ණය පැහැර හැරීම ලේඛනවල බවද ඔහු සඳහන් කළේය..

 කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇතැයි පැවසූ ඔහු එම අක්‍රමිතා සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය..


 කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක වුණු බව කී සමන්ත විද්‍යාරත්න මහතා මීට ලෝක බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 48.6ක් ලබා දී තිබූ බව ප්‍රකාශ කළේය

 ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් ව්‍යාපෘතියේ ඩොලර් ලක්ෂ පහකට ආසන්න මුදලක් අපතේ ගොස් ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත් ඔහු කීය

Search