හිර ගෙවල් උතුරයි. ඉඩ තියෙන්නේ 12000කට දැන් 33000ක් ඇතුලේ --බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

හිර ගෙවල් උතුරයි. ඉඩ තියෙන්නේ 12000කට දැන් 33000ක් ඇතුලේ --බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් පමණ වුවත් මේ වනවිට රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 33,000ක් පමණ වන බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

තමා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 37ක් තිස්සේ සේවය කරන බවත් මේ වනවිට බන්ධනාගාර ගතවන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් ඒ මහතා කියා සිටී.

තමාගේ සේවා කාලය තුළ ලොකු, කුඩා, මහලු, තරුණ කාන්තා, පිරිමි සියලු කාණ්ඩවල පුද්ගලයන් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී බිත්ති හතර තුළ ගෙවීමට සිදුවන කටුක ජීවිතය, මාකීනසික බිඳ වැටීම්, පවුල් ඒකකවලින් ඈත්වීමෙන් ඇතිවන ගැටලු පිළිබඳව දැක තිබෙන බව ද හෙතෙම පැවසීය.

මේ ගැන අවධානය යොමු කළ තමා මීට වසර 09කට පමණ පෙර සිට තමා විසින්ම නිර්මාණය කළ ‘නොයා යුතු තැන’ යන නමින් දැනුවත් කිරීම් වැඩසටහන් 450ක් පමණ රටපුරා පාසල්, දහම් පාසල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, හෙද විදුහල්, රාජ්‍ය අමාත්‍යාංශ, ආරක්ෂක හමුදා කඳවුරු ආදි ආයතනවල පවත්වා ඇති බව ද ඒ මහතා කියා සිටී.


 

Search