රජය මත්පැන් බද්ද අඩු කිරිමට සැරසෙන බවට GMOA කියයි

ඉදිරි 2018 අයවැය මගින් මත්පැන් සදහා අයකරනු ලබන බදු පහත දැමිමට ආණ්ඩුව සුදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරණු ලබයි.

අයවැය තුළින් මධ්‍යසාර සඳහා ලබාදීමට යෝජනා කර තිබෙන බදු සහන වහාම ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් (24දා) ලිඛිතව ඉල්ලා සිටි බව රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

කිහිප දෙනෙකුගේ උවමනාවට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් මධ්‍යසාර සඳහා බදු සහන ලබාදීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  සඳහන් කළේය.

මේ හරහා ජනාධිපති සංකල්පයක් වන මතින් තොර නිදහස් රටක් සංකල්පයත් උඩියටුකුරු වී යන බවද බදු සහන ලබාදිය යුත්තේ මධ්‍යසාරවලට නොව ජනතාව දෛනිකව භාවිත කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බවද ලේකම්වරයා පවසා සිටියේය.

Search