වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ හෙළි කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
හම්බන්තොට විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙකුගේ නිවසකට ඊයේ (26) පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ බැඳුම්කර වංචාව වැනි මහා පරිමාණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටින බවයි.
එහෙත්, කිසිදු වරදක් නොකළ රාජ්‍ය දේපල විකිණීම වෙනුවෙන් උද්ඝෝෂණය කළ පිරිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.