රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින්
මුදල් ලබා ගත් මීගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැකියා නියෝජිත ආයතනයක් ඉදිරිපිට ඊයේ (12) නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තේය.
එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 7 සිට 10 දක්වා තරුණ තරුණියන් 128 දෙනෙකුගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බව සඳහන්ය.
ඔවුන් සියලුදෙනා ඊයේ එම රැකියා නියෝජිත ආයතනය ඉදිරිපිටට රැස්වු අතර එහිදී ඔවුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
"මම වාද්දුවේ ඉඳලා ආවේ. රුමේනියාවේ යන්න මම ලක්ෂ 7යි 45ක් දුන්නා. ඒ වගේම මෙතෙන 120ක් ඉන්නවා ඇවිත්. ඒ ඔක්කෝටම හෙට ඉන්ටර්විව් ඩේට් තියෙද්දි අද එන්න කියලා මෙයාලා කියනවා ඔක්කෝම කැන්සල් කරාලු. ලොකු වංචාවක් කරා මෙයාලා."
(Ada derana)