මළ ගෙදරට ලයිට් දාන්න ගිය පිරිසකට විදුලි සැර වැදෙයි

මළ ගෙදරට ලයිට් දාන්න ගිය පිරිසකට විදුලි සැර වැදෙයි

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී විදුලිසැර වැ

පුද්ගලයෙකු මියගොස් තිබේ. 

මෙම පුද්ගලයා සහ තවත් සිව්දෙනෙකු එකතුව ප්‍රදේශයේ පැවති අවමංගල නිවසක් තිබ‍ූ මාර්ගයට ආලෝකය ලබා දීමට විදුලි බල්බ සවි කිරීමට කටයුතු කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදුලි බල්බ සවිකිරීමට යොදා ගත් වයරය මාර්ගයේ තිබු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයින්ට විදුලිසැර වැදී ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 40 වයසැති තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලි සැර වැදුණු අනෙක් පුද්ගලයින් සිව්දෙනා වතුපිටිවල රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search