නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ

නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ

දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ නිවසක් තුළ දී

කාන්තාවකගේ ගෙල සිරකර ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඊයේ (31) සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 52 හැවිරිදි කටුකෙන්ද දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම කාන්තාව ඇයගේ පුත්‍රයා සමඟ කටුකෙන්ද ප්‍රදේශයේ උළු කම්හලකට අයත් නිවසක පදිංචිව සිට ඇත.

ඊයේ (31) දිනයේ උදෑසන ඇයගේ පුත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇති අතර සවස නැවතත් නිවසට පැමිණි මව පිළිබඳ සොයා බැලීමේ දී ඇයව කාමරයක් තුළ ගෙල සිරකර ඝාතනය කර තිබූ අයුරු දැක තිබේ.

පසුව ඔහු මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇත. 

ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර දංකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)

Search