ගින්නකට හසුවී පුද්ගලයෙක් මියයයි

ගින්නකට හසුවී පුද්ගලයෙක් මියයයි

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ

සේරුපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගින්නකට හසුවී පිළිස්සී මිය ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 74 හැවිරිදි සේරුපිටිය, දමනේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතු සඳහා කුඹුරේ පිදුරුවලට ගිනි තැබීමට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් මියගිය පුද්ගලයාගේ මුණුබුරා කුඹුරට ගොස් සොයා බලා ඇත.

එහිදී සීයා ගින්නට හසුව ඇති බව දැක තිබේ.

(Ada derana)

Search