වැටුප් ගැටලුව මුල් කරගනිමින් අද (01) දිනයේ සංකේත
වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
තෝරාගත් රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.
අද දිනයේ දී සිය ගැටලුවට විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් හෙට (02) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
"දිවයිනේ සියලු රෝහල්වල පැය 4ක වැඩ වැරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරලා තිබුණා. නමුත් අද දවසේ ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවකට කතා කරලා තියෙනවා. මේ හේතුව නිසා අපි තීරණය කළා දිවයින පුරා වර්ජනය වෙනුවට රෝහල් 5ක් දක්වා සීමා කරන්න. ඒ අනුව මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල අද උදෑසන 6.30 සිට වර්ජනය ආරම්භ කරනවා. අද විසඳුමක් ලැබුණේ නැත්නම් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනවා."
(Ada derana)