සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර
දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (15) පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටය.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.
කෙසේවෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නැහැ.
දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි.