ජනපතිගේ වැඩ වඳුරට දැලි පිහිය ලැබුණා වගේ - SF කොල්ලුපිටිය පොලිසියට (VIDEO)

වර්තමාන ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරී ක්‍රියා පිළිවෙත දැඩි පිළිකුලින් යුතුව හෙලා දකින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්

ෆොන්සේකා පවසයි.

අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරීන් හමුවීමට අද (2) කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

කුස්සිය දොරෙන් ජනාධිපති පුටුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මේ දිනවල හැසිරෙන්නේ වඳුරාට දැලි පිහිය ලැබුණා වාගේ බවත් ජනතාව මර්දනය කිරීමේ මෙම ක්‍රියා පිළිවෙත බියගුලුකාරී එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා එහිදී වැඩිදුරටත් පැවසීය.

Search