රටට ඩොලර් එව්වොත් ලැබෙන අලුත්ම වාසි මෙන්න (VIDEO)

විදේශ විනිමය රටතුළට ගෙන එන පුද්ගලයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව විදේශ

රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව ඩොලර් 3000වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇති පුද්ගලයින් හට එවන ලද මුදලින් අඩක් ලෙස වන පරිදි වටිනාකමකට අදාළව විද්‍යුත් යතුරුපැදියක් මිලදී ගැනීමටත්,
ඩොලර් 20,000ට වැඩි ඕනෑම මුදලක් මෙරටට ඒවා ඇති පුද්ගලයින්ට එසේ මෙරටට ඒවා ඇති මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65,000ක් දක්වා වන පරිදි විද්‍යුත් මෝටර් රථයක් මෙරටට ගෙන්වීමටත් අවසර හිමිවේ.

ඒ අනුව එසේ ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලි බලය සපයාගැනීමට එම පුද්ගලයා විසින් සූර්ය බල පද්ධතියක් ද මිලදී ගැනීම හෝ ආනයනය කිරීම සිදුකළ යුතු අතර ගෙන්වනු ලබන විද්‍යුත් වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපනය කිරීමට අවසර හිමි නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

Search