සාමකාමී අරගලය නවත්වන්නේ නැහැ - අමිල ජීවන්ත පියතුමා (VIDEO)

දුටුතැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ කුමන චෝදනාවක් පදනම් කරගනිමින් දැයි තමන් නොදන්නා බව ගෝඨා ගෝ ගම ජන

අරගල ව්‍යාපාරයේ ඉදිරි පෙළ නායකයෙකු වූ අමිල ජීවන්ත පියතුමා පවසයි.

විදෙස් ගමන් තහනම, අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය ස්ථාපිත කිරීම උදෙසා සාමකාමී අරගලය දිගටම පවත්වාගෙන යන බව යි අමිල ජීවන්ත පියතුමා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

Search