නිමල් සිරිපාලට කිසිදු තනතුරක් දෙන්න එපා - අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි (VIDEO)

අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වූ නිමල් සිරිපාල ද සිල්වා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු තනතුරක් ලබානොදෙන ලෙසත් එසේ තනතුරු ලබා

දුනහොත් එය ජනතාවට සිදු කරන අපහාසයක් බවත් නීතිඥ සේනක පෙරේරා පවසයි.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජපන් සමාගමකින් අල්ලස් ලබාගැනීමට උත්සහ කළේ යැයි චෝදනාවකට අදාලව අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

ජනතා නියෝජිතයින් ලෙස පෙනී සිටිමින් යම් යම් ආයතනවලින් අල්ලස් ලබාගැනීමට පෙළඹීම බරපතල කාරණයක් බවයි එහිදී නීතිඥ සේනක පෙරේරා වැඩිදුරටත් අවධාරණය කළේ.

Search