දැන් ඉන්නේ අරගලකරුවන් නොව අරාජිකකරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
අද (27) පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් මෙහි ඇති බවත් ඊට ඉඩ දිය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසූ අතර රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් "මට මගේ රාජ්‍ය ඕනෑ" යැයි කියා සිටියේ ය.
"ගෝඨා ගෝ හෝම් කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්ද" ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය.