ජනතාව මර්දනය කිරීම සඳහා අත ඔසවන මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමට කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර
සිටියි.
හදිසි නීති රෙගුලාසි වල මර්දනකාරීත්වය සම්බන්ධයෙන් ඊයේ (27) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව සඳහන් කළේය.
'' මර්දනය වෙනුවෙන් අත උස්සලා, ජනතාවගේ ඔලු පලන්න, මාස ගණන් ඇප නොදී සිරගත කරන්න, අවුරුදු ගණන් හිරේ දාන්න, වෙඩි තබන්න බලය දෙන නීතිවලට ඡන්දය දුන්නොත් අන්න ඒ මන්ත්‍රීවරු දේශපාලනයෙන් අතු ගා දමන්න මේ රටේ ජනතාව සමග අපි දේශපාලන කටයුතු කරනවා.''