'ඉදිරියේ අසීරු සති තුනක්' - අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ඉන්ධන සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි සති තුනක කාලය ඉතා දුෂ්කර එකක් වනු ඇති බවත් එබැවින් අප සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමින් ඉන්ධන සහ ගෑස්

පරිභෝජනය කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

අගමැතිවරයා එබව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද (07) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"ඒ දුෂ්කර සති තුනෙන් පසු ඉන්ධන සහ කෑම දුෂ්කරතාවයන් ගෙන් තොරව බෙදාදීම සඳහා අපි වෙහෙසෙනවා. විවිධ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු."

''අපි මේ අසීරු අවස්ථාවේ ඉඩ ප්‍රස්ථාවන් පාදා ගනිමු. මේ ඉඩ ප්‍රස්ථාවන් ගෙන් ප්‍රයෝජන ගෙන රට යළි ගොඩ නංවමු සුභවාදීව සිතමු. රට සාමාන්‍ය තත්වයට යළි ඔසවා තැබීමේ වගකීමට අප සියලු දෙනාම එක සිතින් එක හදින් උර දෙමු.'' අගමැතිවරයා කියා සිටියේය.

Search