මිලියන ගණනක් මුදල් වාෂ්ප කළ අපරාධයක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි (VIDEO)

වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත පරිගණක පද්ධතියේ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ලබා දෙන නමුත් එම පද්ධතිය

නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත්, යාවත්කාලින කිරීම පවා සිදු කර නොමැති බවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.

එසේම අදාළ පද්ධතිය නිර්මාණයට රුපියල් මිලියන 645ක් පමණ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බව හෙළි වූයේ රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් පසුගියදා කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදී ය.

ආචාර්ය හර්ෂ ද සිල්වා - මිලියන 500ක් වියදම් කරලා සිස්ටම් එකක් හැදුවයි කියලා විගණකාධිපති ප්‍රකාශ කළා නේ. ඒක කොයි කාලේද හදලා තියෙන්නේ.?

ඖෂධ නියාමන අමාත්‍යංශයේ හිටපු ලේකම් - 2008 විතර තමයි පටන්ගෙන තියෙන්නේ 2015 දී තමයි ක්‍රියාත්මක වුණේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා - අවුරුදු 7 තිස්සේ මේක හැදුවා ද ?

ඖෂධ නියාමන අමාත්‍යංශයේ හිටපු ලේකම් - මිලියන 644ක් මේකට වියදම් වෙලා තියෙනවා. ඊට අමතරව මාසෙකට මිලියන 5ක් නඩත්තු වියදම් මේකට ගෙවන්න ඕන. එතකොට අවුරුද්දකට මිලියන 60ක් ගෙවන්න ඕන. නමුත් ඒක අපිට අවශ්‍ය විදියට නෑ.

කෝප් කමිටු සභාපති - මේක අපරාධයක්..

ආචාර්ය හර්ෂ ද සිල්වා - කොහෙන්ද මේක ගත්තේ..? කවුද සැපයුම්කරුවා..?

ඖෂධ නියාමන අමාත්‍යංශයේ හිටපු ලේකම් - e-wis contract

ආචාර්ය හර්ෂ ද සිල්වා - මේක අපරාධයක්. හැබැයි මේක වැඩකරන්නේ නෑ.

ඖෂධ නියාමන අමාත්‍යංශයේ හිටපු ලේකම් - මේක අපි හිතන සිස්ටම් එකට වැඩිදියුණු කරන්න ගියොත් මිලියන 7000 ගාණක් ඕන වෙනවා.

කෝප් කමිටු සභාපති - මේක අද රාත්‍රියේ බලන මේ රටේ මෘදුකාංග කරන ජනතාවට මම ඉල්ලීමක් කරනවා රට වෙනුවෙන්. මේ මිලියන 7000ක් යන්නේ නෑ මේකට. මේක මේ තරුණ ළමයි බොහොම පැහැදිළිව ඉතාම අඩු ගාණකට හදන එකක්. නිකන් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි මේක අහන ඕන කෙනෙකුගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකරලා මේ පාර්ලිමේන්තුව පැත්තෙන් කියන්නේ. මේ රටේ සෞඛ්‍ය පද්ධතියට මෘදුකාංගයක් කරමු කියලා.

Search