මඩකලපුවට ගෑස් නෑ...! - ශානකියන් පොලිසිය සමඟ ගැටෙයි (VIDEO)

ගෑස් සිලින්ඩර 120,000ක අවශ්‍යතාවක් පවතිද්දී, අප්‍රේල් සහ මැයි යන මාස දෙකටම මඩකලපුව දිස්ත්‍රික්කයට ලබා දී ඇත්තේ, සිලින්ඩර 20,000ක් පමණක් බව

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් චෝදනා කරනවා.

අද (1) දින ගෑස් බෙදා හරින බවට ලබාදුන් පොරොන්දු පිට දින තුනක පටන් 600කට වැඩි ජනතාවක් පෝලිම් ගැසී බලා සිටින බව ඔහු පවසනවා.

එසේම, අද උදෑසන ගෑස් බෙදා නොහරින බවත්, නැවත ගෑස් බෙදා හරින දිනයක් පැවසිය නොහැකි බවත් දැනුම් දීමෙන් පසු රැස්ව සිටි ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබුණි.