අනීතිකව අත්අඩංගුවට ගත් වෑකඳවල රාහුල හිමි ඇතුළු පිරිස නිදහස් කරනු ! (VIDEO)

අනීතික ලෙස අත්අඩංගුවට ගත් වෑකඳවල රාහුල හිමි ඇතුළු පිරිසක් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් වලස්මුල්ල අධිකරණය ඉදිරිපිට මේ මොහොතේ නිහඬ

විරෝධතාවක් පැවැත්වේ.

අධික වැසි මධ්‍යයේ පැවැත්වෙන විරෝධතාවට භික්ෂුන් වහන්සේලා, මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියි.

පරිසරවේදියකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන වෑකඳවල රාහුල හිමි පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙනී සිටි අතර රිලාගලයාය, සිංහරාජය මැදින් මාර්ගයක් කැපීම, සමාගම්වලට ගොවි ඉඩම් බදු දීම වැනි සිදුවීම්වලදී මෙන්ම මෑතකදී වල්සපුගල ගොවි අරගලයේදී ද ලබාදුන් නායකත්වය සහ මඟපෙන්වීම කැපී පෙනිණි.

එසේම, උන් වහන්සේ ගාළු මුවදොර ජනතා අරගලයේද සක්‍රීය සාමාජිකයකු ලෙස දායකත්වය ලබා දුන්හ.