බංකොලොත්..! දැන් කුමක් වෙයිද ? කුමක් කරමුද..? (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ ලේකම් සාගර කාරියවසම් අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පවසන ලද, “රනිල් මහත්තයාව ගෙනල්ලා තියෙන්නේ

ඩොලර් හොයන්න,” යන ප්‍රකාශය සත්‍යක් බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

කෙසේ වෙතත් එම ගෙන්වා ගැනීම සාර්ථක වේවිද නැතිද යන්න පිළිබඳව සැකයක් පවතින බව මන්ත්‍රීවරයා කියා සිටියේ රටේ ආර්ථිකය තුළ සිදුව ඇති බංකොලොත්භාවයට විසඳුම් සෙවීම පිළිබඳව ඉකුත් දින (27) 43 සේනාංකයෙන් පැවැත්වුණු සංවාදය අමතමිනි.

“මගේ හැඟීම ඒක සාර්ථක වෙන්නේ නෑ කියන එක. විදේශ ශ්‍රමිකයන් පිළිබඳ ඇමතිතුමා ඉන්නවා මේ. එතුමා ලොකු සැලසුමක් වැඩපිළිවෙලක් කරගෙන යනවා මේ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි කරගන්න. ඒක හැබැයි එතුමාට තනියෙන් කරන්න බෑ. ඒක මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිඵත්තියත් එක්ක එකට යන්නේ.

අපිට අර රනිල් වික්‍රමසිංහ මහත්මයා දෙදාස් එකේ එල්.ටී.ටී.ඊ. යත් එක්ක සාම ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ රට නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා ඩොලර් මිලියන හතරකට වඩා වැඩි මුදලක් ඒ අවස්ථාවේ පොරොන්දු වුණා වගේ. ඒ වගේම මේ සුනාමි අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පොරොන්දු වුණා වගේ තත්වයක් දැන් උදාවෙයිද කියලා මගෙන් ඇහුවොත් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්ද කියලා සියයට අනුවක් බැහැයි කියලා තමයි මම කියන්නේ. දහයක් පුළුවන් කියලා කියන්නේ. අපි ඒක දන්නේ නෑ.හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයට ඒකට ඉඩ දෙන්න ඕනේ. පළවෙනි දවසේ ඉඳන් ඔහුට පහර දීම වැරදියි. මීළඟ මාස දෙක ඇතුළත, නැත්නම් තුන ඇතුළත එතුමා ඒක කරලා පෙන්නන්න වෙනවා. නැත්නම් රට ඇතුළෙන් විශාල බලවේගයක්, උද්ඝෝෂණයක් තව මාස කිහිපයකින් එන නිසා.

ඉතින් මේ සියල්ල අසාර්ථක වුණොත් මොකද කරන්නේ? මේ සියල්ල අසාර්ථක වුණොත් අපි මොකද කරන්නේ කියලවත් අපිට තියෙන්න ඕන වැඩපිළිවෙලක්.”

 

Search