පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත ජනතාවට පොලිසිය විසින් එල්ල කරන කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වහාම වළක්වන ලෙස සමගි ජන බලවේගයේ
මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.
කතානායක කුටියට පිවිසි විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් මීට විසඳුමක් ලබාදෙන ලෙසයි.