ශානක්‍යන්ගේ කතාවට රනිල්ගෙන් දරුණු ප්‍රහාරයක් (VIDEO)

තමා කිසිඳු විටෙක රාජපක්ෂවරුන් සමග ඩීල් දමා නොමැති බවත් රාජපක්ෂවරුන්ට එක්වීමට ඩීල් දැම්මේ ශානක්‍යන් රාසමාණික්කම් බවත් හිටපු අගමැති

රනිල් වික්‍රමසිංහ පවසයි.

මඩකලපුව දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා අද (6) පාර්ලිමේන්තුවේදී මේබව කියා සිටියේ ය.

''ඇත්තවශයෙන්ම ඒක දිහා බැලුවහම මිනිස්සු කියල තියෙන දේ මේ මුළු පාර්ලිමේන්තුවටම සාප කරනවා. අපි මේ දවසත් නාස්ති කළා කියලා. අපි නිකන් ගහගන්නවා. ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නවා. විපක්ෂයයි ආණ්ඩුවයි ගහගන්නවා. විපක්ෂයයි විපක්ෂයයි ගහගන්නවා. අද අපි දිහා බලාගෙන ඉන්නේ.

"මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ. ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ. කරුණාකරලා මේක විසඳන්න, රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය අවශ්‍ය නැත්නම් කියන්න අයින් වෙලා ඉන්නම්. මට ප්‍රශ්නයක් නෑ.

අපි මෙතනට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතාකරලා යනවානම්. මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි. මම කියන්නේ මෙතන මේ සභාවේ අද අපි මොකක්ද කරන්නේ කියලා තීරණය කරමු කතාව පටන්ගන්න ඉස්සෙල්ලා අපිට මේක ගෙනියන්න බැරිනම් ගරු කථානායක තුමා මේක නවත්වලා ගෙදර යමු. අපාහු පැය 6ක් මෙතන ඉඳලා ටෙලිෆෝන් වලින් සමාජ මාධ්‍යවලින් බැනුම් අහන්න අපිට ඕන නෑ."

 

 

Search