රටම අන්දන අයගේ පැටිකිරිය හෙළිවුණා - සජිත් කනගාටුව පළකරයි (VIDEO)

නියෝජ්‍ය කතානායක පත්කරගැනීම සඳහා පැවැත්වූ ඡන්දයෙන් විවිධ අයගේ විවිධ පැටිකිරි මුළු රටටම හෙළි වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

 

ඒ අනුව, සියඹලාපිටිය මන්ත්‍රීතුමා ද වත්මන් ආණ්ඩුවේ අතකොළුවක් බවට පත්වී ඇති බව කණගාටුවෙන් වුණත් ප්‍රකාශ කිරීමට සිදුවන බව අද (5) ඡන්දයෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකයා පැවසීය.

එසේම, ඇන්දවීමේ තරම රටේ ජනතාවට පැහැදිලිවම දැකගැනීමට හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Search