1990 සුවසැරිය ගිලන් රථ සේවය වසා දැමීමේ අවධානමක් ගැන හර්ෂ කියයි (VIDEO)

මේ වනවිට රටේ ඉතිරි වී තිබෙන විදේශ සංචිත ස්වල්පයෙන් තෙල් නැවක් හෝ මිලදී ගැනීමට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද

සිල්වා පවසනවා.

අද (4) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට රටේ ඇති ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 ක් යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ අනුව ගත්විට රට බංකොලොත් භාවයෙනුත් පහළට ඇද වැටී තිබෙන බවයි.

එසේම, 1990 සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන නොමැති බවත් මේ තත්වය යටතේ සුවසැරිය සේවාව හෙට වසා දැමීමට සිදුවේවි දැයි අවිනිශ්චිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

 

Search