රාජපක්ෂ පාලනයට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දියත උද්‍යානය අසල විරෝධතාවයේ යෙදී සිටියදි අද පස්වරුවේ (4) අත්අඩංගුවට ගත් තරුණ
විරෝධතාකරුවන් පිරිස නිදහස් කරන්නැයි ඉල්ලා මහරගම පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් මේ වනවිට ක්‍රියාත්මක වේ.
මහරගම පොලිසිය විසින් මෙම පිරිසට පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදීම සජබ මන්ත්‍රී මනුෂ නානායක්කාර මෙම සිද්ධිය පිළිබඳව කතානායකවරයා දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.