දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් හට උද්ඝෝෂණ, පෙළපාලිවලට සහභාගී වීම වළක්වාලමින් දුන් තහනම් නියෝගය
ගැන යළි සලකා බලන ලෙස ඉල්ලමින් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශානක්‍යන් මන්ත්‍රීවරයා උද්ඝෝෂණ සංවිධාන නොකළ බවට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක් විසින් සංවිධාන කළ විරෝධතා සාමකාමිව සිදුවූ බවට අද (29) අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය සංශෝධනය කළ නමුත් එම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
උතුරු – නැගෙනහිර පළාත්වලදී නීතිය ක්‍රියාත්මක වන්නේ රටේ සෙසු පළාත්වලට වඩා වෙනස් ලෙස බවට මේ සිදුවීම විසින් නැවතත් ඔප්පු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.
කලවංචිකුඩි පොලිසිය විසින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් එරෙහිව අධිකරණයෙන් මෙම නියෝගය ලබාගෙන තිබුණි.