මහින්දානන්ද අලුත්ගමගේට විදෙස් ගමන් තහනමක් ඉල්ලා අල්ලස් කොමිසමට ඉල්ලීමක් (VIDEO)

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් ලබා ගන්නා ලෙසට

අල්ලස් හෝ දුෂණ කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාලව හෙට දිනයේ පැවැත්වෙන නඩුවේදී විදෙස් ගමන් තහනමක් ගන්නා ලෙසට අද දිනයේ ඉල්ලා තිබුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු පිරිසක් විසිනි.

 

Search