සිමෙන්ති මිල ඉහළ දැමීම පසුපස ඇත්තේ ආනයනකරුවන්ගේ වෙළෙඳ මාෆියාවක් බවත් එය වැලැක්වීම සඳහා රටේම ඉදිකිරීම් ඉදිරි මාස තුනක කාලයක්
සඳහා නතර කරන ලෙසත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.
වැඩි වූ සිමෙන්ති මිල සම්බන්ධයෙන් අද (26) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම කිසිදු නියාමනයකින් තොරව සිදුවන්නක් බවත් මෙම වෙළෙඳ මාෆියාව නිසා මේ වන විටත් ඉදිකිරීම් කර්මාන්තය බිඳ වැටී තිබෙන බවත් ය.
එසේම, ඔවුන් විසින් සිදුකරන සියලුම රජයේ ඉදිකිරීම් මේ වන විට අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දැනුම් දෙයි.