රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලන විට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්න බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත්
පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසීය.
"විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත්කරන බව එනකොට කිව්වා. ඇමති මණ්ඩලය මේ වන විට 13 වතාවක් මාරු කරලා. ඇමතිවරු කවුද? රාජ්‍ය ඇමතිවරු කවුද? කියා රටේ මිනිස්සු දන්නෙත් නැහැ.රටේ ජනතාව ගෑස් තෙල් කිරිපිටි ඉල්ලනවා. ඒ වෙනුවට ආණ්ඩුව ඇමතිවරුන් මාරු කරමින් ඉන්නවා. උත්තරේ ඒක ද? රටේ නායකයාගේ මොලේ ඇත්තටම ප්‍රකෘති තත්ත්වයේ නැති බව මෙයින් පැහැදිලියි. ගෑස් සමාගමේ සභාපති ලෙස විජිත හේරත් ආවා කියා ඔහුටත් ණයවර ලිපි විවෘත කරගන්න කරගන්න හැකියාවක් නැහැ."