කවුරු 113 පෙන්නුවත් වත්මන් අර්බුද විසඳන්න බෑ - රනිල් (VIDEO)

කුමන පාර්ශ්වයක් 113ක බහුතරය පෙන්නුව ද වත්මන් අර්බුදය විසඳීමට නොහැකි බවත් මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත්

ගමනක් යා යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (22) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ ය.

"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා. වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා. බී රිපෝට් එකේ නම් කැපුවා. වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨම පොලිස් නිලධාරියා. බී රිපෝට් එකේ ඔහුගේ නම දාන්න ඕන. එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි. එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද? මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ."

 

Search