පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් රඟ දැක්වූයේ විහිලු නාට්‍යයක් බවත් මිනිස්සු
බඩගින්නෙ සිටිය දී, පෝලිම්වල ඇද වැටී මිය යද්දී ඉතාම බොළඳ ළාමක කරුණු ඉදිරිපත් කළ නාට්‍යය සහමුලින්ම කතෝලික සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ අවධාරණය කළහ.
මේ නොවැදගත් නාඩගමට රඟ දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිසට පිළිතුරු දීමට යනවට වඩා, කතෝලික සභාවට පිළිතුරු ලබාදීම උදෙසා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ප්‍රශ්න විස්සක් ඉදිරිපත් කිරීම යහපත් බව මාධ්‍ය හමුවක දී පියතුමාණන් විසින් පැවසී ය.