අද (17) පෙරවරුවේ පොලීසිය විසින් ඉවත් කළ ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාවේ’ කූඩාරම් නීතීඥ කණ්ඩායමක මැදිහත් වීමෙන් පසු නැවත විරෝධතාකරුවන්
වෙත ලබාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි බල කරමින් ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් ගාල්ල ප්‍රදේශයේ සිදුකළ විරෝධතාවයක ඉදිකොට තිබු කුඩාරමක් අද උදැසන පොලිසිය විසින් ඉවත්කර තිබුණි.
එම අවස්ථාවේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවිය.