රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නිර්පාක්ෂික අරගලකරුවන් ගාලු මුවදොර සිදු කර ගෙන යනු ලබන විරෝධතාව 6 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින්
තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීම සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වේ.
රාජපක්ෂ පවුල හා දේශපාලකයන් විසින් වංචා කර ඇති රටේ ධනය යළි රටට අත්පත් කර ගැනීම, රාජ්‍ය දේපළ හා මුළ්‍ය වංචාවන්ට සම්බන්ධ දේශපාලකයින් ඇතුලු පුද්ගලයින්ට රටින් පිටවීම වළක්වා ලීම ඔවුන්ගේ සෙසු ඉල්ලීම් ය.