'කවුරුවත් ගහන්න එපා' - විරෝධයට වෙට්ටු දැමූ වාහනය පිටත් කර හරියි (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවය තෙවැනි

දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඉකුත් සෙනසුරාදා (9) ඇරඹි මෙම විරෝධතාව අධික වැසි පවා නොතකමින් අඛණ්ඩව මේ වනවිටත් පැවැත්වෙන අතර විශාල පිරිසක් ද ඊට සහභාගී වී සිටිනු දක්නට ලැබේ.

සාමකාමිව පවත්වන මෙම විරෝධතාව කඩා කප්පල් කිරීමට විවිධ පිරිස් උත්සහ දරන බවට ද විරෝධතාකරුවන් චෝදනා එල්ල කරන අතර අද උද්ඝෝෂණකරුවන්ට බාධා වන අන්දමින් ධාවනය කළ මෝටර් රථයක් එතනින් පිටත් කර යැවීමට ද ඔවුන් කටයුතු කර තිබුණේ මෙලෙසිනි,

 

 

 

Search