ගාලුමුවදොර ගෝටාගෝගමේ වැසියෝ අද (14) සිංහල හින්දු අලුත් අවුරුදු සැමරූහ.
සර්ව ආගමික සර්ව ජාතික සර්ව පාක්ෂික මිනිස්සු එක්ව ගෝටාගෝගමේ අවුරුදු සැමරූ හැටි මුලු ලෝකයම බලා සිටියේ අසීමිත හැඟීමකිනි.
සියලුම නැකැත් චාරිත්‍ර නිසි ලෙස සිදුකළ තැනක් වේ නම් ඒ ගෝටාගෝගමය.
එහිදී විරෝධතාකරුවෝ සුභ නැකතකින් අනුව කිරි ඉතිරවීම, ආහාර අනුභවය ඇතුළු සියලු ඇවුරුදු චාරිත්‍ර ඉටු කළහ.
නිර්පාක්ෂික අරගලකරුවන් සිදු කර ගෙන යනු ලබන ගාලු මුවදොර අඛණ්ඩ විරෝධතාවට අදට දින 6කි.
අප්‍රේල් 9 වන දා පෙරවරුවේ ආරම්භ වූ මෙම විරෝධතාවට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ද නොතකා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව සහභාගි වී සිටිති.
අව් වැසි නොතකා ගාලු මුවදොර පිටියේ රැඳී සිටින විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ය.