ණය ගන්න, රටේ සම්පත් විකුණන, ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලන, ස්වෛරී භාවය කෙලසන ආණ්ඩුවට එරෙහි විරෝධතාවයක් ඊයේ (30) මහ බැංකුව
ඉදිරිපිටදී පැවැත්වුණි.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් එහිදී මෙසේ පැවසීය.
"මහ බැංකුවේ අධිපති කම අපිට කරන්න පුළුවන් මීට වඩා හොඳට, ඒ නිසා අද අපි බැලුවා මහ බැංකුව ඇතුලට පැමිණ මහ බැංකු අධිපති කමට දිවුරුම් දෙන්න. ඉතින් ඒ සඳහා අවසරයක් ලැබුන් නෑ.
ඉදිරියේදී බලාපොරොත්තු වෙන මහ බැංකුවේ අධිපති කම අජිත් නිවාඩ් කබ්රාල්ට වඩා හොරකම් නොකරපු අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා."