කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කරද්දී ජනතාව පාරට ගෙනා බවටත් ආණ්ඩුව කරන සියලුම දේ
වරදවා දකින බවටත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂයට මෙන්ම මාධ්‍යට චෝදනා කරනවා.
“වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ II වන අදියරේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්විය.
"අපට හම්බ උනේ අමාරුවේ වැටිච්ච රටක් ඉතාම අසරණ වෙච්ච රටක්. ආර්ථිකය අතින් ආරක්ෂාව අතින් හැම අතින්ම අමාරුවේ වැටිච්ච රටක් තමයි අපට හම්බ උනේ. අදටත් අපේ ජනතාව දුක් විදින්නේ පහුගිය රජය නිසි වෙලාවේ ප්‍රතිපත්ති තීරණ ගත්තේ නැති නිසා. එක වැවක්වත් හදපු නැති අය එක වාරිමාර්ග යෝජනා ක්‍රමයක්වත් ක්‍රියාත්මක නොකරපු අය තමයි ගොවි ජනතාව වෙනුවෙන් අද පෙනී ඉන්නෙ.
අගමැතිතුමනි, ඔබතුමා ජනාධිපති වුණ කාලේ තමයි වී කිලෝ එක රුපියල් 40ට ගෙනාවේ. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබතුමා එදා කටයුතු කෙරුවා. පහුගිය අවුරුදු පහේ ආණ්ඩුව ආපු ගමන් කිව්වේ කුඹුරු අස්වද්දන්න එපා කියලා. අද අපි වැවක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තමත් ඔවුන් මොනාද කියන්නේ. නිධානයක් හාරන්න ගියා, එක්කෝ පස් අදිනවා, එහෙම නැත්නම් වැලි අදිනවා කියනවා. ගෞරවයක් දෙන්නෙම නෑ. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටිනවා කියල පෙන්වමින් ගොවි ජනතාවගේ සංවර්ධනය යටි අරමුණකින් නවත්තන්නයි මේ අයට උවමනා.
කොවිඩ් වසංගතයෙන් රට බේර ගන්න ජනාධිපතිතුමා අගමැතිතුමා කටයුතු කරද්දී ඔවුන් ජනතාව පාරට ගෙනාවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට නින්දා කරනවා. රජයට නින්දා කරනවා. වැඩ කරන නිලධාරීන්ට නින්දා කරනවා.
වැඩ කරන නිලධාරීන් බය කරන්න හදනවා. අද ඔබගේ පීඩනය දන්නෙ නැති ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුවේ ඉන්නෙ. අභියෝග එනවා. අපි ඒවාට මුහුණ දෙන්න උවමනායි."