කාදිනල් හිමිගේ වෙනස්වීම අගයනවා - සන්ධ්‍යා කියයි (VIDEO)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සේම මෙරට උතුරේ දකුණේ සිංහල, මුස්ලිම් වින්දිතයන්ගේත් දුක බලා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මෙන්, අතුරුදහන් වූ සිය

සැමියා වෙනුවෙන් යුක්තිය සොයා යන සන්ධ්‍යා එක්නැළිගොඩ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බොරැල්ල අගරදගුරු මැදුරට ගොස් ලිපියක් බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා ය.

එසේම, අද වනවිට කාදිනල් හිමියන් මානව හිමිකම් සම්බන්ධයෙන් නිවැරදි දැක්මක් ඇති තැනට පත්වී ඇති බවත් උන්වහන්සේගේ ඒ වෙනස්වීම අගය කරන බවත් වැඩිදුරටත් ඇය පැවසුවා ය.

Search