රට ගොඩ ගැනීම උදෙසා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාව මේ වනවිට දැනී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව රාජපක්ෂවරු නොවන ශ්‍රී
ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලි අදහස් දරන සියලු දෙනා සමඟ කටයුතු කිරීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
’’අඳුරු අනාගතය පහන් කරන්නට’’ මැයෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මූලිකත්වයෙන් සංවිධාන කළ සත්‍යග්‍රහයට "43 සේනාංකය" එක්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.