සර්ව පාක්ෂික සමුළුව සැඟවුණු න්‍යාය පත්‍රයක් එක්ක කරන ඇස්බැන්දුමක් - ඉමිතියාස් බාකීර් මාකර් (VIDEO)

ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව කිසිඳු නීත්‍යානුකූල පදනමක් නැති වැඩපිළිවෙළක් බවත් එය හුදෙක් නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී

ආයතන දුර්වල කර අධිපතිවාදි ග්‍රහණය කරගන්නට සැඟවුණු න්‍යාය පත්‍රයක් එක්ක කරන ඇස්බැන්දුමක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පවසයි.

ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

''ඊයේ පැවැති සර්ව පාක්ෂික සම්මේලනය කිසිම නීත්‍යානුකූල පදනමක් නැති වැඩපිළිවෙළක්. කිසිම නීතිමය බැඳීමක් නැහැ. නීතිමය තත්ත්වයක් නැහැ. පාර්ලිමේන්තුව වගේ අමාත්‍ය මණ්ඩලය වගේ වගකීමෙන් බැඳිච්ච වැඩපිළිවෙළක් නෙමෙයි සර්වපාක්ෂික සමුළුව. නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරලා අධිපතිවාදි ග්‍රහණය කරගන්නට සැඟවුණු න්‍යාය පත්‍රයක් එක්ක කරන ඇස්බැන්දුමක් විදියට එය හඳුන්වන්න පුලුවන්.''

 

Search