මෙරට ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම සිදු වෙද්දී පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් ජීවතුන් අතර සිටියා නම් ගාමිණි ලොකුගේ
ඇමතිවරයාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
“ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල වැඩි කිරිම පසුගිය සිකුරාදා සිදුවුණා. පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා අද ජීවතුන් අතර සිටියා නම් එතුමා අනිවාර්යෙන්ම මා හිතමිත්‍ර ගාමිණි ලොකුගේ ඇමතිතුමාට ඉල්ලා අස් විය යුතු යැයි දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා.
මම බලශක්ති ඇමති ධුරය දරන කාලෙ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නිර්දේශය මත රුපියල් 7කින් ඩීසල් වැඩි කළහම මට වහාම ඉල්ලා අස්වෙන්න යැයි පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා දැනුම් දුන්නා නම් රුපියල් 55 කින් මිල වැඩි කරද්දී එතුමා ජීවතුන් අතර සිටියා නම් මොන ජංජාලයක් නටයි ද කියලා කාටවත්ම හිතාගන්න බෑ."