ගොවීන් නිසි ලෙස දැනුවත් කරන්න - ජනපති නිලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)

කාබනික පොහොර භාවිතය ගැන ගොවීන් නිසි ලෙස දැනුවත් කර නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය

රාජපක්ෂ පවසනවා.

රසායනික පොහොර සහ වල්නාශකවලට හුරුවූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයක් වුවත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කළහොත් ඒ වැඩපිළිවෙළ ජයග්‍රහණය කළ හැකි බව තමාට විශ්වාසය යැයි ජනාධිපතිවරයා කියා සිටියේ යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) පැවති සාකච්ඡාවකදීය.

 

Search